Sunday, March 18, 2012

ශ්‍රී දළදා මාළිගාව


ශ්‍රී දළදා මාළිගාව
(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ඇසුරෙන්) 
ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ.
දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.


Monday, March 12, 2012

සිංහල භාෂාව

සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. එසේ වුව ද අද වන විට මිලියන 15කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි.
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැබුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.